කෝලි T20 නායකත්වයෙන් අස්වෙන්න තීරණය කරයි

විරාත් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

by Staff Writer . 16-09-2021 | 10:45 PM

COLOMBO (NEWS1ST) :  ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විරාත් කෝලි පන්දුවාර 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. එහි වැඩිදුරටත් දැක්වුණේ තමන් එළඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත් වන බවය. මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ශාහ්, සභාපති සෞරව් ගංගුලි සහ තේරීම් කමිටුව සමග ද සාකච්ඡා කළ බව කෝලි සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබේ. එමෙන්ම මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී සමග මෙන්ම උප නායක රෝහිට් ෂර්මා සමග ද සාකච්ඡා කළ බව විරාත් කෝලි නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් විය.