වනිඳු සහ දුෂ්මන්ත IPL යයි..

වනිඳු සහ දුෂ්මන්ත IPL තරගාවලියට පිටත්ව යයි

by Staff Writer . 16-09-2021 | 6:44 AM

COLOMBO (News 1st) - ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් IPL සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ඊයේ(15) දිවයිනෙන් පිටත්ව ගියේ ය .

ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන මස ඕමානයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරග 2 සඳහා සහභාගී නොවේ . මේ අතර ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැති 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලය සඳහා සහභාගී වන අතර එම ක්‍රීඩකයින් ඊයේ(15) විශේෂ ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගියේය.