කාන්තාවන් සවිබල ගැන්වීමට ඇමරිකාවෙන් මූල්‍ය සහය

ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමට ඇමරිකාවෙන් ඩොලර් මි. 40 ක්...

by Staff Writer . 16-09-2021 | 5:05 PM

COLOMBO (NEWS1ST) :  අමෙරිකා එක්සත් ජනපදය මෙරට SDB බැංකුවට ඩොලර් මිලියන 40 ක ණය මුදලක් අද (16) ලබාදුන්නේ ය.

ඒ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට රුකුල්දීම හා කාන්තා ව්‍යවසායකයින් වෙත සහය ලබාදීම සඳහායි. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ , SDB බැංකුව, DFCC බැංකුව සහ NDB බැංකුව ඇතුළු ශ්‍රී ලාංකික බැංකු වෙත ලබා දෙන ඩොලර් මිලියන 265 ණය මුදලින් කොටසක් ලෙස මෙම ණය මුදල ලබාදුන් බවයි. මෙම ණය මුදල ප්‍රදානය කර ඇත්තේ ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසිනි. මෙම අරමුදල් ප්‍රදානය කිරිම සංකේතාත්මකව භාර දීම අද සිදු කළ බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවා ය.