.webp)
මේ මිනිසුන්ගේ ආශාව, තණ්හාව, ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය, කියන දේවල් අවසන් වෙලා නෑ. හැම දවසකම මිනිස්සු හිතන්නේ සොබාදහම ද පරිසරය ද ජාතිය ද ආගම ද රට ද මොන එකක්වත් මතකයේ නෑ. මේ ඇත්තන්ට තමන්ට ගොඩක් එකතු කරගන්නේ කොහොමද කියන එකයි මතකයේ තියෙන්නේ. මේ ආශාවයි තණ්හාවයි මේ දෙක එකට එකතු වුණාම තරගයක් ඇති වෙනවා. මේ අයට මේ තරගෙදී සීමාවක් නෑ. නතර වෙන තැනක් නෑ. මේ මිනිස්සුන්ට ජාතිය අමතක වෙනවා, සංස්කෘතිය අමතක වෙනවා, රට අමතක වෙනවා, අම්මා තාත්තා පවා අමතක වෙනවා මේ තරගෙදි. එක්කෙනෙකුට එක්කෙනෙක් උඩින් ඉන්න බලන ලොකු තරගයක් තියනවා. හැබැයි මේ සොබාදහම බලාගෙන හිටියා මේ මිනිස්සුන්ගේ මේ තරගය කවදාද නැතිවෙන්නේ කියලා. දැන් සොබාදහම දඬුවම් දෙන්න පටන් ගත්තා. මේ දඬුවම කොරෝනා විතරක් නෙමෙයි. කොරෝනා එන්න කලින් මේ වගේම ස්වභාවික විපත් ආවා. ගංවතුර ආවා, කඳු නාය ගියා, කුණු කඳු නාය ගිහින් මිනිස්සු මැරුණා. හැබැයි මිනිස්සු මේ දේ තේරුම් ගත්තේ නෑ.දෙහිගොල්ල ශ්‍රී පූර්වාරාමයේ පූජ්‍ය අම්බාලේ රතන හිමි,
වැව ඉහත්තාවක ලොකු ගස් ටිකක් දැක්කොත් එහෙම අපේ මිනිස්සු කරන්නේ මොනවද දැන් අපි දැක්කා පරාක්‍රම සමුද්‍රය ඉදිරියේ මිනිස්සුන්ට ඇවිදින්න ඇවිදින මංතීරු හදනවා. මේ වගේ මෝඩයෝ මේ වගේ මිනිස්සු මේ රටට පහළ වීමම තමයි මේ රටේ අභාග්‍යය.