by Staff writer 16-09-2021 | 11:29 PM
COLOMBO (News 1st) - නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගනු ලැබූයේ ඊයේ (15) පස්වරුවේදීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි අයෙකු බවය.
රෝහලේ නේවාසික සිටින සැකකරු ඔහුගේ කාමරයේදී රෝහල් පරිශ්‍රයෙන් හමු වූ අත්බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.
පොලීසිය සඳහන් කළේ, ත්‍යාගයක් ලබා ගැනීමේ අරමුණින් මෙම බෝම්බය රෝහලට රැගෙනවිත් දැමූ බව සැකකරු ප්‍රකාශ කළ බවයි.
මෙම බෝම්බය සොයාගනු ලැබූයේ, පෙරේදා පස්වරුවේ අදාළ රෝහලේ වැසිකිලියක තිබ්යදීය.