පරාක්‍රම සමුද්‍රාසන්නයේ ඇවිදින මංතීරුව ඉදිකරන බව ඇමති රොෂාන් කියයි

by Staff Writer . 16-09-2021 | 6:08 PM

COLOMBO (NEWS1ST) :  පරාක්‍රම සමුද්‍රයේ රලපනාවට හානි වන සේ ඇවිදින මංතීරුවක් ඉදි කිරීමේ සූදානම තාවකාලිකව යටපත් වුව ද එය යළි ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද පොළොන්නරුවේදී පැවසී ය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, නායක ස්වාමීන් වහන්සේලාට හා ගොවි නියෝජිතයින්ට කරුණු පැහැදිලි කර ඇවිදින මංතීරුව ඉදිකිරීමට පියවර ගන්නා බවයි.
''අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හාමුදුරුවෝ සොළොස්මස්ථානාධිපති ඒ කියන්නේ මේ පූජා නගරය භාර වෙඬරුවේ උපාලි හාමුදුරුවන්ගේ සම්පූර්ණ ආශිර්වාදය තිබෙනවා . මල්වතු විහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල අපේ නායක හාමුදුරුවන්ගේ ආශිර්වාදය තිබෙනවා . කෝට්ටේ පාර්ශවයේ කොටපිටියේ අපේ රාහුල නායක හාමුදුරුවන්ගේ වහන්සේගේ ආශිර්වාදයත් හෙට අනිද්දට කරුණු පැහැදිලි කරලා අපි ලබාගන්නවා. රාමඤ්ඤ නිකායේ නායක හාමුදුරුවෝ ඒ වගේම අමරපුර නිකායේ නායක හාමුදුරුවෝ මේ සියලු නායක ස්වාමීන් වහන්සේලාගෙන් අපි කරුණු අවබෝධ කරලා ඒ ආශිර්වාදයත් ලබා ගන්න කටයුතු කරනවා . ගොවි සංවිධාන නායකයන්ටත් හරියට මේවට කරුණු අවබෝධ කරලා දීලා තිබ්බේ නැහැ. ඉතින් දැන් ඒ අයටත් කරුණු අවබෝධ වෙනවා ඇති''
මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා විමසා සිටින්නේ, ධනවතුන් වැව් තාවුල්ලේ හෝටල්වල සිට වැවේ පහස විඳිද්දී සාමාන්‍ය පවුලක දරුවෙකුට පරාක්‍රමබාහු මහ රජතුමා ඉදිකළ එම දැවැන්ත ව්‍යාපෘතිවල අභිමානය දැක පහස විඳිනවාට ඉරිසියා කරන්නේ කවුරුන්ද? යන්නයි.
''පරාක්‍රමබාහු රජතුමා වැව් තාවුල්ලේ මාළිගා හැදුවේ නෑනේ. ඒව තියෙන්නෙ සාමාන්‍ය ජනතාවට මේ ආස්වාදය විඳින්න . සල්ලි තියෙන මිනිස්සු ඔය වැව් තාවුල් හදපු හෝටල්වලට ගිහිල්ලා බර ගණන් වියදම් කරලා ඒ වැවේ පහස විඳි . හැබැයි සාමාන්‍ය මේ ගොවි ජනතාවගේ දරුවෙක් ගිහිල්ලා පුටුවක ඉඳගෙන පරාක්‍රමබාහු මහ රජතුමා කරපු ඒ ඒ දැවැන්ත ව්‍යාපෘතිවල අභිමානය දැකලා සිසිල් සුළඟ පහස විඳිනවාට ඉරිසියා කරන්නේ කවු ද?''
තව ද අනෙකුත් වැව් සංවර්ධනය කිරීමේ හැකියාව තිබේ නම්, පොළොන්නරුවේ එලෙස කිරීමෙන් සිදුවන්නනේ කුමක් දැයි විමසා සිටින රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ,  මෙම ඉදිකිරීම් සිදු කරන්නේ,  පෙදරේරු නොව ඉංජිනේරුවරුන් බවයි.
''මට තියෙන්නෙ මෙන්න මේකයි ප්‍රශ්නේ තිස්ස වැවේ කරන්න හොදයිනම් අනුරාධපුරය කුරුණෑගල රාජධානිය වැව් වල මේ විදියට සැරිසරන්න පුළුවන් විදියට සංවර්ධනය කිරීමේ හැකියාව තියෙනවා නම් ඇයි පොළොන්නරුවේ කරාම මොකද්ද වෙන්නේ .රෙමෙම කටයුුත සිදු කරන්න‍ෙ''