COLOMBO (NEWS1ST) : ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත මැකී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ තොරතුරුවලට එපික් ලංකා ටෙක්නොලජීස් ආයතනය ප්‍රතිචාර දක්වමින් ව්‍යාපෘතිය සම්බන්ධ ආරවුල් සහගත තත්ත්වයකදි ගිවිසුම් ප්‍රකාරව එය සමූහිකව නීතිමය රාමුවක් තුළ විසඳා ගැනීමට ක්‍රියා කරන බව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් පවසන්නේ තම ආයතනය ගිවිසුම්ගතව සිටින්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග පමණක් බවයි.
අදාළ ගිවිසුම් කොන්දේසි ප්‍රකාරව තම ආයතනය ඊ එන් එම් ආර් ඒ මෘදුකාංගය නිපදවා ඖෂධ නියාමන අධිකාරිය භාර දී ඇති බවත් මෙම සමාගම පවසයි.
එය කොන්දේසිවලට අනුකූලව නිපදවා භාරදුන් බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලිඛිතව සහතික වී ඇති බව එපික් ආයතනයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
මෘදුකාංග නිපදවා සැපයීම සහ නඩත්තුව පමණක් තම ආයතනයට පැවරෙන බවත් සෙසු යටිතල පහසුකම් හා ප්‍රධාන දෘඩාංග සැපයීමේ වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු බවත් එපික් සමාගම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ සහකාර උප සභාපති රිෂාන් වන්නිආරච්චි මහතා පෙන්වා දෙයි.
දත්ත මගඩිය.....
ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩය යනු මෙරට සංවේදී තොරතුරු ඇතුළත් අධිසංවේදී පද්ධතියකි.
එය සුරක්ෂිත කොට රැක බලාගැනීමේ පරිපාලන වගකීම හා පැවරෙන්නේ ICTA ආයතනයටයි.
එපික් සමාගම NMRA දත්ත පද්ධතියේ සේවා සැපයුම්කරුවායි.
එවන් පසුබිමෙක, ICTA ආයතනය සතු ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩයෙන් NMRA දත්ත මැකීයාම වාර්තාවන්නේ 2021 ජුලි 9 වැනිදායි.
NMRA සේවා සැපයුම්කරු වන එපික් සමාගම පවසන්නේ එය ඉංජිනේරුවරයෙකු අතින් සිදුවූ අත්වැරදීමක් බවයි.
ඒ අනුව NMRA හි අධිසංවේදී තොරතුරු පද්ධතියෙන් කොටසක් අහිමිව යයි.
පසුව තොරතුරු අනාවරණය වන්නේ කොවිඩ් වසංගතය හමුවේ සිදුකෙරුණු NMRA සතු සංවේදී දත්ත ගොනුවක් ද මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
නමුත් ICTA පැවසුවේ , කොව්ඩ් 19 වසංගතයට අදාළ ඖෂධ හා වෛද්‍ය උපකරණවල දත්තවලින් කොටසක් මැනුවල් හෙවත් භෞතික ක්‍රමයට රැස්කරගෙන ඇති බවයි.
නමුත් NMRA කොවිඩ් සමයේ දැන්වීම් පළ කර තිබුණේ අන්තර්ජාලය හරහා තොරතුරු ඇතුළත් කරන ලෙසයි.
නඩු විභාගය කැඳවූ මුල් අවස්ථාවේ මේ යාවත්කාලීන කිරීම අත්හිටුවා අධිකරණය නියෝගයක් දුන්නත් ඊට පසු නඩු වාරයේදී එය දෙපාර්ශවය විසඳා ගන්නා ලෙස අධිකරණයේදි ප්‍රකාශ වීමයි.
ඉන් අනතුරුව ICTA ආයතනය ගවර්න්මන්ට් ක්ලවුඩය යාවත්කාලීන කළ අතර එහිදී තවත් රජයේ වෙබ් අඩෙවි රැසක් අකර්මණ්‍ය විය.
මේ ගැටලුවට සම්බන්ධ ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩයේ වෝහාරික පරීක්ෂණයක් මගින් අනාවරණය කර ගත හැකිව තිබූ තොරතුරු ද මේ වනවිටද අහිමි වී ඇතැයි සැක මතුවේ.
එපික් ආයතනයේ එක් ඉංජිනේරුවෙකු අතින් සිදුවූවායැයි කියන අත්වැරදීමක් හරහා ගවර්මන්ට් ක්ලවුඩයේ තිබූ අතිශය සංවේදී දත්ත ගොනුවක් යළි ලබාගත නොහැකි පරිදි අතුරුදන්වී ඇත්තේ බැක්අප් සහ හදිසි ආපදා තත්ත්වයකදි ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයක් ද නොමැතිවීම නිසා යැයි තොරතුරු අනාවරණය විය .
නමුත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වූ පරිදි මෙය ඖෂධ මාෆියාවේම කොටසක් නොවේයැයි විශ්වාස කළ හැකි ද?
රටක රජයේ ක්ලවුඩයක් සූදානම් කෙරෙන්නේ , ජනතාවගේ අතිශය සංවේදී තොරතුරු ඇතුළත් කිරීම සඳහායි.
ඊට ජාතික හැඳුනුම්පත් තොරතුරු , ඉඩම් ඔප්පු ,සංඥා සිතියම්, බැංකු ගිණුම් අංක, අපරාධ නඩු ගොනු අංක, අධිකරණ තොරතුරු පවා ඇතුළත් විය හැකියි.
රටේ ජාතික ආරක්ෂාවට මෙතරම් සංවේදී දත්ත පද්ධතියකට එක් පුද්ගලයෙකු ඇතුළුවී දත්ත ඩිලීට් කළ හැකිනම් අනාගතයේදී ඔබේත් මගේත් දත්තවල සුරක්ෂිතභාවය තහවුරු කරන්නේ කවුද ?
නීතිපතිදෙපාර්තමේන්තුව මීට පෙර මෙම සිද්ධිය පිළිබඳ අධිකරණයේදී අවධාරණය කළේ, දත්ත මැකීයාම ඖෂධ හා උපකරණ මෙරටට ආනයනය කර නීති විරෝධී අන්දමින් මුදල් ඉපැයීම සිදුකරන ඖෂධ මාෆියාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවයි.
එය එසේ නම්, මෙහි මහමොළකරු කවුද?