ජාත්‍යන්තර ඕසෝන් දිනය අදයි..

ජාත්‍යන්තර ඕසෝන් දිනය අදයි..

by Staff Writer . 16-09-2021 | 4:52 PM

COLOMBO (News 1st ) - ඕසෝන් ස්ථරය ස්වභාදහම විසින් පෘතුවියේ ආරක්ෂාව උදෙසා නිර්මාණය කර ඇති අපූර්ව සම්පතකි.

පෘථිවියේ සිට කිලෝමීටර් 15 ත් 55 ත් අතර දුරකින් ඕසෝන් ස්ථරය පිහිටා තිබේ . පෘතුවියට අහිතකර කිරණ ඇතුළුවීම මේ හරහා වැලැක්වෙන අතර, සමේ රෝග, පිළිකා ආදියට හේතු වන සූර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණද පොළෝතලය මතට පතිත විම මෙමගින් වැළැක්වේ. අහිතකර කිරණ පෘථිවියට එක් වීමෙන් වසරකට දසලක්ෂයකට අධික පිරිසක් විවිධ රෝගාබාධයන්ට ගොඳුරැ වී මියයන බව වාර්තාවල සඳහන් වේ . කාර්මීකරණය, කාබනික වායූන් පරිසරයට මුදා හැරීම, අභ්‍යවකාශ නිරීක්ෂණයට යානා යොදා ගැනීම ඕසෝන් ස්ථරයට හානි සිදු වීමට ප්‍රධාන ලෙස බලපා ඇත. මේ අනතුර පිළිබඳ සොයා බලා ඔස්ට්‍රියාවේ වියානා නුවරට එක් වූ විද්වතුන් ප්‍රථම වරට ඕසෝන් ස්ථරය රැක ගැනීමේ සමුළුවක් පැවැත්විය. ඒ අනුව සැප්තැම්බර් 16 වෙනිදා ජාත්‍යන්තර ඕසෝන් දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1997 වසරේදීය.