''එන්නත්කරණය ගැන නිහතමානිව සතුටු විය හැකියි''

ජනගහනයෙන් 50% ක් පූර්ණ එන්නත්කරණ ඉලක්කය සපුරයි

by Staff Writer . 16-09-2021 | 9:34 AM

COLOMBO (NEWS1ST) : මෙරට ජනගහනයෙන් 50 %ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, මෙය විශාල ඉදිරි පියවරක් බවත් මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණයේදී ඉහළින්ම සිටින රටක් ලෙස නිහතමානිව සතුටු විය හැකි බවයි. ඒ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටීම මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ප්‍රධානතම සාධකය වන බැවිනි. එන්නත් දෙකම ලබා ගැනීම සහ කොවිඩ් වසංගතය සමග ජීවත් වීම සෞඛ්‍යමය පසුබිම රැක ගත හොත් රටක් ලෙස මීට වඩා ඉදිරියට යා හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. වයස අවුරුදු 20 ට වැඩි සියලු පුද්ගලයින් එන්නත්කරණය තවදුරටත් සිදුවෙමින් පවතින අතර නුදුරේදීම අවුරුදු 18 ත් 20 ත් අතර පිරිස එන්නත්කරණය සූදානම් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.