by Staff Writer . 16-09-2021 | 4:41 PM
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය .
එහි අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ නිරතදිග ප්‍රදේශයේ අහස වලාකුලින් බරව පැවතීම හේතුවෙන් අදුරු ස්වභාවයක් ගැනීමට ඉඩ ඇති බවය.
නිරතදිග කලාපයේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව ඇය ප්‍රකාශ කළාය.
අද පෙරවරු 8.30 න් අවසන් වු ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හොරණ, අරකවිල ප්‍රදේශයෙන් වාර්තා විය.
ඒ, මිලිමීටර් 78 යි දශම 5 ක් ලෙසය.
හංවැල්ල ප්‍රදේශයට එම කාලය තුළ මිලිමිටර් 76 යි දශම 5 ක වර්ෂාපතනයක් හා ඉංගිරියට මිලිමීටර් 63 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ නගරය , කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයට මිලිමිටර් 20 ට අඩු සුළු වර්ෂාපතනයක් ලැබී ඇති බවය.