කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ...

කුසල් ජනිත්ගේ ආබාධය බරපතල නැහැ: T20 ලෝක කුසලානයට සූදානම්.. - සෞඛ්‍ය අංශ

by Staff Writer . 16-09-2021 | 3:52 PM

COLOMBO (News 1st) - ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

ඒ අනුව ඔහුට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකියාව පවතින බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී තහවුරු කළේය. ආබාදයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි වුණේ නැත. ඔහු නැවත කණ්ඩායම සමග එක් වුණේ දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදීය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී කුසල් ජනිත් පෙරේරා පාදයක ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් ඔහු පන්දු රැකීම සඳහා ද ඔහු එක් වූයේ නැත. කුසල් ජනිත්ගේ පාදයක සුළු මස් පිඩු ඇදීමක් පමණක් සිදුව ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.