''කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු වෙනුවෙන් පෙනී නොසිටිමි''- පුෂ්පිකා ද සිල්වා

by Staff Writer . 16-09-2021 | 2:49 PM

COLOMBO (NEWS1ST) :  අනුරාධපුර බන්ධනාගාරයේදී රාජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු පිරිසකගේ නොමනා හැසිරීම පිළිබඳ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුශ්පිකා ද සිල්වා මහත්මිය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලබන වසරේ මුල අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට සූදානම් වන බැවින් දේශපාලන කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වී සිටින බව පුශ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කරන්නී ය. ඇය පවසන්නේ රෝසි සේනානායක මහත්මියට පසු ශ්‍රී ලංකාවට විවාහක රූ රැජිණ කිරුළ නැවත ගෙන ඒම තම අරමුණ බවයි. එමෙන්ම කොවිඩ් තත්ත්වයෙන් ආරක්ෂා වීම පිණිස දැඩි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සමාජ සත්කාරවල නිරත වීම හා එක්දරු මවක් ලෙස තම දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් කැපවීමට පමණක් කාලය වෙන් කර ඇති බැවින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට පෙර අදාළ පාර්ශවයන්ගෙන් හෝ තමන්ගෙන් විමසීම වැදගත් වනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.