අනුරාධපුරයේ වී ගබඩාවක් වටලයි...

අනුරාධපුරයේ වී ගබඩාවක් වටලයි...

by Staff Writer . 16-09-2021 | 1:02 PM

COLOMBO (NEWS1ST) : අනුරාධපුර , පරසන්ගස්වැව - පණ්ඩුකාභයපුර ප්‍රදේශයේ වී ගබඩාවක තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ , මෙම වී තොගය ලොරි රථ 15 ක් මගින් වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත භාරදුන් බවයි. මෙම ගබඩාවේ නාඩු , සම්බා , කීරි සම්බා සහ කැකුළු වී තොග තිබූ බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථානභාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී පෙරේරා මහතා සඳහන් කළේ ය. රජයේ ලියාපදිංචි නොවූ වී මෝල්වල සහ ගබඩාවල සඟවා තිබෙන වී තොග අත්අඩංගුවට ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.