සීනි ආනයනයට යළි අවසර ලබා දෙයි

සීනි ආනයනයට යළි අවසර ලබා දෙයි

සීනි ආනයනයට යළි අවසර ලබා දෙයි

කර්තෘ Staff Writer .

16 Sep, 2021 | 9:58 am

COLOMBO (NEWS1ST) :  සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සීනි ආනයන කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවයි.

සීනි ආනනය කිරීම මීට මාස කිහිපයකට පෙර රජය අත්හිටවනු ලැබූ අතර සීනි සඳහා පාලන මිලක් ද නියම කෙරිණ.

මේ අතර මෙරට දැනට ඇති සීනි තොගය මාස දෙකහමාරකට පමණ ප්‍රමාණවත් වන බව සමුපකාර හා පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]