.webp)
''ඊළඟ අවුරුද්දේ 2022 සැප්තැම්බර් වෙනකොට ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වෙනකොට ඔවුන් බලාපොරොත්තු වෙනවා බාහිර ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා අපේ එතුමියගේ වාර්තාවේ සදහන් වෙනවා එක්ලක්ෂ 20000 ක් පමණ තොරතුරු එතුමියලා ලග තියෙනවයි කියලා. මෙතනදි අපි දකිනවා කාරණා කීපයක්. එකක් තමයි සමුළුව විසින් මේ හියුමන් රයිට්ස් කමිෂන් එකට මේ වාගේ බලයක් පවරලා නැහැයි කියන එක තමයි අපේ මතය. ඒවාගේම අපේ රටේ යාන්ත්‍රණය අපේ රටේ යාන්ත්‍රණය ඉතාමත් හොදින් ක්‍රියාත්මක වෙමින් යන අවස්ථාවක මෙවැනි බාහිර යාන්ත්‍රණයකින් කිසිම ප්‍රතිඵලයක් නැහැයි කියන එක තමයි අපේ අදහස. එවැනි බාහිර යාන්ත්‍රණයක් සදහා විදයම් කරන මුදල් වියදම් කරන ශ්‍රමය කිසිම පළක් නැහැයි කියන එක තමයි අපේ මතය.අපි ඔප්පු කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් සමාජයේ පැවැත්ම වෙනුවෙන් අපි හැමදේම කරනවා. ඒ හින්දා මේ වාගේ බාහිර යාන්ත්‍රණයක් අවශ්‍යය නැහැයි කියලා''මේ අතර මෙවන් බාහිර බලපෑම් අභ්‍යන්තර රටක කරන්න යහපත් නොවන බව ත් එය එක්සත් ජාතීන්ගේ සම්මුතියෙන් ඔබ්බට යෑමක් බව ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළ රටවල් 15 ක් එහිදී අවධාරණය කළ බව ත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''රටවල් 15 ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළා. කිව්වා ශ්‍රී ලංකාවේ රජය ගෙනයන වැඩපිලිවෙළට සහයෝගය දෙමු. ඒගොල්ලන්ට ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දෙමු කියලා. ඒවාගේම රටවල් 3 ක් ඒ ගොල්ලන් නියෝජනය කරන සංගමය විදියට කථා කළා. කථා කරලා කිව්වා මේවගේ බාහිර බලපෑම් අභ්‍යන්තර රටක කරන්න හොඳ නැහැ. ඒක කරන්න බැහැ. ඒක එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඔබ්බ යෑමක් බව, අවාසනාවකට රටවල් 4 ක් අපිට විරුද්ධව කථා කළා. අපි අර අපේ රටේ ප්‍රශ්න අන්තර්ජාතිකව විසඳාගත යුතුයි කියන මතයේ ඉන්නවා''
ප්‍රශ්නය :- පාස්කු ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ සැසිවාරයේ කතා කළාද?
විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට විශේෂ සඳහනක් නොකළ බවයි. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් දෙනු ඇති බවට ඇතැම් ආගමික නායකයින් බලා සිටින බව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය සිය දේශනයේ දී සඳහන් කළ බවත් එම දේශනයේම තවත් තැනක පාස්කු ප්‍රහාරය සම් බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඇතැම් පිරිස් නිදහස් කළ යුතු බව පවසා තිබේ. මෙය එකම කතාවක දෙබිඩ් ස්ථාවරයන් බව විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පෙන්වා දුන්නේ ය. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ ඇතැම් අය පිළිබඳ නිර්දේශ ඇතත් එය නීතිමය ලියවිල්ලක් නොවන බැවින් පොලිස් විමර්ශන අනූව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කාලයක් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.''ඇත්තටම අවාසනාවකට ජිනීවා කොමිසමේදී අපි ඒ ගැන විශේෂ දෙයක් සඳහන් කළේ නෑ. නමුත් මේ මහකොමසාරිස්තුමියගේ වාර්තාවේ එක තැනක සඳහන් වෙනවා. සමහර ආගමික නායකයින් බලාපොරොත්තු වෙනවයි කියලා මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට නීතිය හමුවේ දඬුවම් ලබාදිය යුතුයි කියලා. ඒ වාගේම ඒ කථාවේම තවත් තැනක සඳහන් වෙනවා මේ සම්බන්ධව සිරගත වෙලා ඉන්න කීපදෙනෙක්ව නිදහස් කරන්න කියලා. ඉතින් මෙතන මත දෙයක් තියෙනවා අපිට විරුද්ධව කථා කරන අයගෙන්ම. තමයි දැනට 26 දෙනෙක්ට මේ සම්බන්ධව නඩු පවරලා තියෙනවා. ඒවාගේම දැන් සුප්‍රීරීම් කෝට් එකේ ජජර්ස්ලා 3 දෙනෙක්ගේ මණ්ඩලයක් පත් කරලා එතන ඔක්තොම්බර් මාසේ 4 ඉදන් දිනපතාම මේ නඩු අහන්න කටයුතු කරගෙන යනවා. මේ පාස්කු කොමිසමේ වාර්තාවේ යම් යම් පිරිස් ගැන සඳහන් වෙනවා ඔවුන්ට නඩු දාන්න කියලා තර්කයක් තියෙනවා නේ නමුත් එහෙම කරන්ඩ බෑ. ඒ කොමිසම් වාර්තාව නීතිමය වාර්තාවක් නෙවෙයි''