තවත් කොරෝනා මරණ 118 ක්...

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 11,817 ක් දක්වා ඉහළට

by Sagarika Chathumali 16-09-2021 | 7:02 PM

COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 118 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,817 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 61 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 57 දෙනා කාන්තාවන් ය. මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 23 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 95 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය. අද (16) වාර්තා කරන ලද මෙම මරණ 118 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.