by Staff Writer . 16-09-2021 | 9:48 AM
COLOMBO (News 1st ) - ඉදිරි මාස 6 තුළ ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය වසංගතයක් ලෙස පැතිරීම පාලනය වනු ඇතැයි එරට සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කළේය .
එරට රෝග පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සූජිත් සිං සඳහන් කළේ, නව ප්‍රභේදයන් හඳුනා ගැනුණද ඉන්දියාවේ වත්මන් කොවිඩ් ව්‍යාප්තිය තුන්වැනි රැල්ලක් දක්වා වර්ධනය නොවනු ඇති බවයි.
එම තත්ත්වය තුළ කොවිඩ් ආසාදිතයින් කළමනාකරණය සෞඛ්‍ය සේවකයින්ට ඉතා පහසු වනු ඇති බව ඔහු ද ඔහු සඳහන් කළේ ය.
වෛද්‍ය සූජිත් සිං වැඩිදුරටත් සඳහක් කරන්නේ එන්නත්කරණය, කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොඳම විසඳුම බවය.
ඉන්දියාවේ මේ වනවිට එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව කෝටි 75කි.