by Staff writer 15-09-2021 | 9:29 PM
COLOMBO (News 1st) - හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ප්‍රතිපාදන සැලසෙන 2021 අංක 18 දරණ මුදල් පනත අද (15) සිට බලාත්මක වේ.
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය සහතික කිරීමත් සමගය.
ඉකුත් 07 වැනි දා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එය සංශෝධන සහිතව සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 කි.
හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සැලසේ.