by Staff Writer . 15-09-2021 | 9:57 PM
COLOMBO (NEWS1ST) : කොළඹ වරායේ තිබු සුදුළූණු කිලෝ ග්‍රෑම් 56.000 ලංකා සතොසට මුදා හැර චංචාසහගත ලෙස වෙනත් ව්‍යාපාරිකයෙකුට විකිණීම පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් දැන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙහිදී සිදුවුණේ කුමක්ද ?
වරායේ ඇති ආහාර ද්‍රව්‍ය සතොසට මුදා හැරීමට ඉඩ ලබා ගත්තේ , පසුගිය ජූනි මස 07 වන දින අනුමත වුණු කැබිනට් පත්‍රිකාවකිනි.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන දෙදෙනා ඒකාබද්ධව එම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර තිබිණ.
ඉන් කියවුණේ, වරාය නිදහස් කර ගනු නොලබන සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා හැරිය යුතු බවයි.
එම භාණ්ඩ සහන මිලට ජනතාවට ලබා දීම සඳහා ලංකා සතොසට මුදා හැරිය යුතු බව ද අදාළ කැබිට් පත්‍රකාවේ සඳහන් වී තිබිණ.
මෙහිදී මතු වන ප්‍රධාන ගැටලුව වන්නේ,
මෙම සුදුළූණු තොගය , වරායෙන් මුදා නොගත් හෝ රේගුව රාජසන්තක කළ සුදුළූණු තොගයක්ද ?
මෙම සුදුළූණු තොගයේ සැබෑ ආනයනකරු ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරමින් කියා සිටියේ මෙම තොගය රාජසන්තක කළ හෝ රේගුවෙන් මුදා නොගත් සුදුළූණු තෙගයක් නොවන බවයි .
ජූලි මස 14 වනදින දහවල් 12 .24 ට මෙම සුදුලූණූ තොගය ඇතුළු ආහාර ද්‍රව්‍ය බහාලුම් 18 ක් වරායට ගෙන්වූ බවත් , ඒවාට අදාළ ගෙවීම් සඳහා විදේශ විණිමය ලබාගැනීමේදී ඇතවූ ගැටලු හේතුවෙන් වරායෙන් මුදා ගැනීම ප්‍රමාද වූ තිබූ බව ආනයනකරු සඳහන් කර තිබිණ.
ඔහු එම පැමිණිල්ලලෙන් පෙන්වා දුන්නේ එම අතර වාරයේ අදාළ බහාලුම් වරායෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි
මෙහිදී මතුවන දෙවැනි ප්‍රශ්නය වන්නේ,
සහන මිලට ජනතාවට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත් මේ භාණ්ඩ සැබෑ ලෙසම ජනතාවට හිමි වෙනවා ද ?
පාරිභෝගික කටයුතු අධීකාරිය , සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුණේ, ඉකුත් 9වන දින සුදුළූණු කිලෝවක් 135 කට මිල කර පිටස්තර වෙළෙන්ඳෙකුට ලබා දී ඇති බවයි.
මෙම සුදුළූණු කිලෝ 56.000 අදාල ව්‍යාපරිකයාට ලබා දෙන විට කිසිදු නීතිමය ලියවිල්ලක් නොතිබූ අතර තිබූ එකම ලියවිල්ල වුණේ, පාරිභෝගික අධිකාරිය පවසන පරිදි සී ආර් පොතක තබා තිබූ මේ සටහන පමණයි .
අද අප සිදුකළ විමසා බැලීමෙදී පිටකොටුව තොග වොඳපළේ සුදුළූණු කිලෝ ග්‍රෑම් එකක් මිල 320 ක් ලෙස දැක්විය.
සතොසින් ලබා ගත් සුදුළූණු කිලෝග්‍රෑම් එකකින් මෙම ව්‍යාපාරිකයාට ලබා ගත හැකි ලාබය දල වශයෙන් රු 185 කි.
පැය කිහිපයක් තුළ සිදුකළ මේ වංචා සහගත ගනුදෙනුවෙන් ව්‍යාපාරිකයාට ලැබෙන ලාභය 10.360.000 කි
කෙසේ වෙතත් සිල්ලර වෙළඳපළේ සුදුළූණු කිලෝග්‍රෑමයක මිල මේ වන විට 450 කට අධික ය.
අනයන වියදම් හෝ අනෙකුත් කිසිදු වියදමක් නොමැතිව මේ සුදුළූණු තොගය කොල්ලකා විනාඩි කිහිපයක් තුළ ඉපයූ ලාබයෙන්ම වංචාවේ තරම නොතේරේ ද ?
මතුවන මීළඟ බරපතළ ගැටලුව වන්නේ පාරිභේාගික අධිකාරියේ නිලධාරීන් අතට මේ වංචාව හසුවි පැය කිහිපයක් තුළ , වෙළඳ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයයි .
ලංකා සතොස ආයතනයේ උගත් නිලධාරීන් මේ වංචාවට සම්බන්ධ නැතැයි එම නිවේදනයෙන් වෙලඳ අමාත්‍යංශය අවධාරණය කර තිබේ.
තවත් විශේෂ කරුණක් වන්නේ නිලධාරීන්ගේ කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කළ බව ද සඳහන් වීමයි.
විමර්ශනයක් ආරම්භ කිරීමටත් පෙර එවැනි නිගමනයකට එළැඹීමට වෙළඳ අමාත්‍යංශයට හැකියාවක් ලැබෙන්නේ කෙසේද ?
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින රටේ ජනතාවට සහන මිලට ලබාදිය හැකිව තිබූ සුදුළූණු ගෙඩියෙනුත් හොරකම් කරන මේ ක්‍රියාවලිය පිටුපස සිටින මහ මොළකරුවන් කවුද ?