ලංකා හොස්පිටල් අත්බෝම්බය: සැකකරුවෙක් දැලේ

ලංකා හොස්පිටල් අත්බෝම්බය: සැකකරුවෙක් අත්අඩංගුවට

by Sagarika Chathumali 15-09-2021 | 7:22 PM

COLOMBO (NEWS1ST) :  නාරාහේන්පිට, ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී (14) අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇති බවයි. කෙසේවෙත්ත අදාළ සැකකරු මෙම අත්බෝම්බය කුමන අරමුණක් සඳහා රැගෙන ආවාද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.