by Sagarika Chathumali 15-09-2021 | 8:03 PM
COLOMBO (NEWS1ST) : දෙමටගොඩ, කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරින් පිරිසකට පහරදුන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ හෙරෙයින් ග්‍රැම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ හිතවතුන් පිරිසක් පොලිස් නිලධාරින් ගල්මුල්වලින් පහර දී සැකකරු මුදා ගැනීමට උත්සාහ කර ඇති බවයි.
එහිදී ඇති වු තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.