COLOMBO (News 1st) - ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඖෂධ නියාමන අධිකාරිය සතු සංවේදී දත්ත මැකී යාම ගැන තොරතුරු විමසීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද(15) ජාතික ඖෂධ නියාමන අධිකාරියට(NMRA) ගියේ ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම දත්ත මැකී යාම පිළිබඳ සත්‍ය තොරතුරු ලබා දෙන ලෙසට ලිපියකින් ඉල්ලීමක් කර සිටී.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්, පුබුදු ජයගොඩ මහතා,
මෙතරම් සංවේදී දත්ත එක තැනක විතරක් තියාගෙන හිටියේ ඇයි. දෙවෙනි එක තමයි මේ සම්බන්ධව ආරක්ෂක විගණනයක් තිබුණ ද security audit එකක් තිබුණ ද එහෙම තිබුණේ නැත්නම් ඒ ඇයි. තුන්වැනි කාරණය තමයි reccovery කිරීමක් සඳහා අදාළ සමාගමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉල්ලීමක් කළා ද ඊට පස්සේ මොරටුව විශ්වවිද්‍යාලය forensic report එකක් කරල තියනවද. අලුත් සභාපතිවරයා පත්වෙලා සති 02ක් යන්නත් කළින් ලියාපදිංචිය ඖෂධ සමාගම් ලියාපදිංචිය අසාදු ලේඛනගත කළ ඖෂධ, එම සමාගම් සහ ඇතැම් ඖෂධවල ලියාපදිංචිය කල් ඉකුත්වන දිනය සම්බන්ධව වැදගත් තොරතුරු මැකිලා යනවා. එතකොට ඒ මැකී යාමත් එක්ක සභාපතිවරයාගේ සම්බන්ධයක් තියෙනවද සභාපතිවරයාගේ මැදිහත්වීමක් තියෙනවද. ඒ මැකීයාම සමග සභාපතිවරයාගේ සම්බන්ධයක් තියෙනවද. සභාපතිවරයා මාරු වීම සහ දත්ත මැකීයාම අතර තියන සම්බන්ධය මොකද්ද. ඊළඟ ප්‍රශ්නය තමන්ගේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඊයේ අධිකරණයේදී කියනවා මේක ඖෂධ ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණයක් කියලා. මේක ඖෂධ ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණයක් නම් ජාතික ආරක්ෂාව ගැන කියලා ඒක පෙන්නලා බලය ගත්තු ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕන. රජයේ දත්ත ගබඩාව ඇතුළට ජාවාරම්කරුවන්ට ඇතුල්වෙලා මේ විදිහට දත්ත මකන්න පුළුවන් නම් ලැජ්ජා වෙන්න ඕන. රජයේ වෙබ් අඩවි හතරක් මැකී ගියා රජයේ cloud එකට අදාළ විශාල හානියක් වුණා කියල ඒක බිඳවැටුණා කියලා ඊයේ වාර්තා වෙලා තිබුණා. දැන් වෙලා තියෙන්නෙ recovery කරලත් නැහැ අන්තිම මොහොතෙ රිකවරි කරන්න දරපු උත්සාහයෙන් තව දත්ත මැකී යාම සිදු වෙලා තියෙනවා ඒ නිසා එළුවාගේ බෙල්ලත් කපල මුට්ටියක් බිඳලා මහදැන මුත්තා පන්නයේ විසඳුම් තමයි මේ දීලා තියෙන්නේ
අපි පසුගිය දින කිහිපයේදීම ශ්‍රී ලංකා ක්ලවුඩයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කළෙමු.
අප මේ පිළිබඳව සිදු කරන විමර්ශනයේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ මෙහි සෘජු වගකීම එපික් ලංකා ටෙක්නොලජීස් සමාගම සතු බවයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ද මෙහි බහුතර වගකීමක් එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනය සතු බවට පෙන්වා දෙයි.
2018 මැයි මස මේ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනය අතර එළැඹුණු ත්‍රයිපාර්ශවික ගිවිසුම වෙත පිවිසෙමු.
ගිවිසුමේ වලංගු කාලය - වසර 5
එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනය සතු කාර්යභාරය
පිටු අංක 35
තොරතුරුවල ආරක්ෂාව හා කළමනාකරණයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.
පිටු අංක 24
පද්ධතියේ බිඳ වැටීමකදී හැකි ඉක්මනින් කටයුතු කළ යුතුය.
පිටු අංක 40
පවත්වාගෙන යන බැකප් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය.
පිටු අංක 41
පද්ධතියේ මෘදුකාංග හා දෘඩාංග පිළිබඳ සම්පූර්ණයෙන්ම වගකීමෙන් බැඳි සිටී.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සතු කාර්ය භාරය
පිටු අංක 35
එපික් ටෙක්නොලජීස් ආයතනයට අවශ්‍යතාව පරිදි උපදේශන සේවාව සැපයිය යුතුය.
එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනය මේ සම්බන්ධයෙන් පවසන්නේ සිය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් අතින් සිදු වූ අත්වැරදීමකින් මෙම තත්ත්වය නිර්මාණය වූ බවයි.
රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, වෛද්‍ය රසිත විජේවන්ත මහතා,
දුරකතනයෙන්,
මේ පද්ධතිය පිළිබඳ මට ප්‍රශ්නයක් තියෙනවා. කොලිටි එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් පවසන පරිදි මේ ඉංජිනේරුවකු අතින් අත්වැරදීමකින් මේක වුණා නම් එක ඉංජිනේරුවෙකුට ගිහිල්ලා සම්පුර්ණ මේ ඩේටා බෙස් එකක් විනාශ කරලා මේ දත්තවලට හානියක් කරන්න පුළුවන් කියන එකම මට සැකයක් ඇති වුණා. ඒක නිසා තමයි අපි එතනින් එහාට ගිහිල්ලා සී.අයි.ඩී. යට පරීක්ෂණයක් පවත්වන්න අපි පැමිණිල්ලක් දැම්මේ. එතකොට ඕනෙම කෙනෙකුට තේරෙනවා කොම්පියුටර් සිස්ටම් එකක් අපි සාමාන්‍යයෙන් කිව්වොතින් ඩිලීට් බට්න් එකක් ඩිලීට් බට්න් එකකින් ගියොතින් රී සයිකල් බින් එකකට යනවා. එතකොට මේ සිස්ටම් එකේ කිසි ඉංජිනේරුවවෙකුගේ අතින් මොනා හරි යම්කිසි අත්වැරදීමක් වුණා කියන්නේ ඒකේ අඩු ගාණේ බැකප් සිස්ටම් එකක්වත් තිබිලා නෑ. ඒක තමයි මම කියන්නේ මෙතන මේ සිස්ටම් එකේදී මේ එන්.එම්.ආර් එක හදන්න එපික් ලංකා අපිට හදලා දීපු තාමත් මේ ඩිවලොප් වෙන සිස්ටම් එකක්. එතකොට බැකප් නැතුව මේ සිස්ටම් එක ගෙනිච්ච නැති එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. මේකේ කොලිටිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නය එතකොට මේක බැකප් එකක් සෙට් කරලාවත් තිබුණා ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා එතකොට. මේ සිස්ටම් එකේ. වෙච්ච හානිය සම්බන්ධයෙන් මම කියන්නේ එපික් ලංකා ආයතනය සම්පුර්ණයෙන්ම වගකියන්න ඕනේ කියන මතයේ තමා මම ඉතා පැහැදිලිවම ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණා නම් එපික් ලංකා ආයතනය කන්සල්ට් කරන්න ඕනේ අයිසීටී ආයතනය. ඒ කියන්නේ බැකප් සිස්ටම් එකට මොනා හරි නැතුව හෝ මොනා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවානම් අයිසීටී එකෙන් මිල කළ උපදේශනයක් ලබා ගන්න පුළුවන්. ඒක එපික් ලංකා ආයතනය තමයි අයිසීටී එකෙන් අහලා කරගන්න ඕනේ දෙයක්.
දැන් වරද එපික් ලංකා ටෙක්නොලජිස් ආයතනයේ ද?
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ද ?
එකිනෙකා කෙරෙහි ඇඟිල්ල දිගු කරමින් මෙරට මහජන බදු මුදලින් නඩත්තු වන මේ බලධාරීන් සහ එම ආයතනවලට සේවා සපයමින් සිය මඩි තර කර ගනිම්න් සිටී.
එලෙස ඔවුන් එකිනෙකාට චෝදනා කරගනිද්දී ඖෂධ මාෆියාවේ ජාවාරම්කරුවන් එය ආශිර්වාදයක් කර ගනිමින් සිටිනවා ද ?
නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වූ පරිදි ඔවුන් මේ සිදු කරමින් සිටින්නේ ඖෂධ මාෆියාවේ මහමොළකරුවන්ට රැකවරණ සැපයීමක් නොවන්නේ ද ?
ජනතාව ප්‍රශ්න කරන්නේ මේ සිදුවීම් පසුපස සිටින අදිසි හස්තය සහ මහ මොළකරුවන් කවුරුන්ද යන්නයි.
ජනතා අවධානයට..