COLOMBO (NEWS1ST): සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තවත් කොරෝනා මරණ 132 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,699 දක්වා ඉහළ ගියේ ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතර කාන්තා සහ පිරිමි ආසාදිතයින් 66 දෙනා බැගින් සිටී.
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු ආසාදිතයින් තිදෙනෙකි.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 28 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 101 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.
අද (15) වාර්තා කරන ලද මෙම මරණ 132 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
