වී අලෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ඉහළින් ගන්නා තීරණ ඥානාන්විත නැතැයි, කියමින් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

by Staff Writer . 15-09-2021 | 10:11 AM

COLOMBO (NEWS1ST) : ඉහළ කළමනාකාරිත්වයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඥානාන්විත නොවන නිසා තමා තනතුරින් ඉල්ලා අස් වූ බව වී අළෙවි මණ්ඩලයේ සභාපති අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉහළ කළමනාකාරිත්වය ගන්නා තීරණ පිළිබඳ තමාගේ සතුටක් නොමැති බවයි. ඒ අනුව තමා වි අළෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊ මේල් මගින් දැනුම් දුන් බව අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි. තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව පෙරේදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දුන් බව ද මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ ය.