.webp)
බන්ධානාගාරය තුළ සිදු වූයේ කුමක් ද?
දෙමළ ජාතික ජනතා පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා මේ පිළිබඳව තොරතුරු හෙළි කළේ ය.''12 වැනිදා හැන්දෑවේ බන්ධනාගාරයට නියම කරලා තියෙන ස්ටේට් මිනිස්ටර් අනුරාධපුර බන්ධනාගාරෙට ගිහිල්ලා එහේ හිටපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දෙමළ සිරකරුවන්ව කැඳවලා, විශේෂයෙන්ම දෙන්නෙක්ව දණගස්සලා ඒ ඇමතිවරයාගේ ආරක්ෂාවට තිබුණ පිස්තෝලය අරගෙන ඔළුවටත්, ඇඟටත් එල්ල කරලා ඔහුව විනාඩියකින් මරලා දන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ටිකක් බලන්න, අද හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ PT ගැන විශාල විවාදයක් යනවා. දැන් අර PT එකට යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දේශපාලන සිරකරුවන්ව තමයි ඇමතිවරයා ගිහිල්ලා තර්ජනය කරලා තියෙන්නේ ''දුෂණ විරෝධි හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, රට පිළිබඳ බරපතළ යෝජනාවක් එල්ල වෙමින් ඇති පසුබිමකදී . එම චෝදනාවලට උත්තර දෙනවා වෙනුවට තවදුරටත් සාක්ෂි සපයමින් සිටින බවයි.
''අද අපේ රටේ ඇමතිවරුන්ගේ විනෝදාංශ අපේ රට බරපතළ ප්‍රශ්න ගණනාවකට තල්ලු කරනවාද?, එහෙම නැත්නම් රටට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණයක් සිදුකරනවා ද?, මේ රටේ ජාතික ආරක්ෂාව ගැන පුරාජේරු ගහපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආරක්ෂක සැලැස්ම මේකද කියන කාරණය පිළිබඳව ප්‍රශ්න කරන්න වෙලා තියෙන්නේ. අන්න ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවක් යනවා. රට පිළිබඳ බරපතළ යෝජනාවක් එල්ල වෙමින් තියෙනවා. දැන් ඒ චෝදනාවලට උත්තර දෙන එක වෙනුවට අපි තවදුරටත් සාක්ෂි සපයමින් ඉන්නවා රට ඇතුළේ, ඔව් අපි එහෙම තමයි කියලා කියන්න. රටේ තියෙන්න ඕන එක නීතියයි කිව්වා. අපි අහනවා කෝ නීති''මෙවන් පසුබිමක ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වීම පිණිස ජනාධිපතිවරයාගේ නිර්දේශ අයැද සිටී. එය ජනාධිපතිතුමන් විසින් පිළිගැනීමත් සමග ඔහු බන්ධනාගාර කළමනාකරණ හා සිකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. නමුත් මීට අමතරව ඔහු දරන මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ බවක් දැන ගන්නට නොමැත. ඒ අනුව ඔහුට රාජ්‍ය අමාත්‍ය ධූරයක වරප්‍රසාද තවමත් භුක්ති විදිය හැකියි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ඉල්ලා සිටි අතර එවැනි හැසිරීමක් ශිෂ්ට සම්පන්න සමාජයකට පිළීගත නොහැකි බව අවධාරණය කළේ ය. බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ ඉල්ලන්නේ ඇමති ධූරයෙන් ඉවත් කිරීමෙන් මේ සිද්ධිය යටපත් නොකොට නීතිය ක්රියාක්මක විය යිතු බවයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා පවසන්නේ, බන්ධනාගාර නිලධාරීන් ද මෙම අමාත්‍යවරයාගේ බීමත් හැසිරිමට ලොකු ඉඩකඩක් දී ඇති බවයි.
''බන්ධනාගාර නිලධාරිනුත් මේ ඇමතියාගේ මේ බීමත් හැසිරිමට ලොකු ඉඩකඩක් දීලා තියෙනවා. අපිට ඊයේ ආරංචි වුණා අනුරාධපුර බන්ධනාගාරයේ සීසීටීවි දර්ශන මකන්න ලොකු උත්සාහයක් දරනවා කියලා., රාජ්‍ය ඇමති කියන පුද්ගලයා කියනවා නම් තමන්ට අයිතිය තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට බන්ධානාගාරය තුළට යන්න. එහෙම අයිතියක් නෑ ඕනි වෙලාවට යන්න. රාජ්‍ය ඇමති කියන පුද්ගලයා කියනවා නම් තමන්ට අයිතිය තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට බන්ධානාගාරය තුළට යන්න. එහෙම අයිතියක් නෑ ඕනි වෙලාවට යන්න. උදේ 5.30 ත් හවස 5.30 අතරේ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඇතුළු වෙන්න ඉඩ තියෙන්නේ එතකොට මේ නීතිය අනුව කටයුතු කළා ද මේ පුද්ගලයා''සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් පැවසුවේ, සියල්ලට ප්‍රථම ඇමතිවරයා පුනරුත්ථාපනය කළ යුතුව ඇති බවයි.
''මරු පොරකට සිරකරුවන් පුනරුත්තාපනය කරන්න භාර දීලා තියෙන්නේ. ඔක්කෝටම ඉස්සෙල්ලා මෙන්න මේ මරිබෝල් ඇමතිව පුනරුත්ථාපනය කරන්න ඕනි''මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රශ්න කර සිටින්නේ, ඇමති ඉල්ලා අස්වීඹ ප්‍රමාණවත් නොවන බව ත් මෙවැනි විනය විරෝධී කටයුතු කරන ඇමතිවරු සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලි කරන ලෙසත් ය.
''ජනාධිපතිවරයා කිව්ව නේ ඝෝඨාභය මහත්තයා ආවොත් සෙල්ලම් බැහැ කියලා. දැන් ඕන තරම් සෙල්ලම් පෙන්නුවෙ ගිහිල්ලා ලොහාන් රත්වත්තේලා. ඒ සෙල්ලම් සම්බන්ධව ඔහු ගත්ත පියවර මොකක්ද ? ලොහාන් රත්වත්තේම ඇවිල්ලා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙනකල් අඩුමගානේ ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් කරන්න. ඒ නිසා ඔහු ඉල්ලා අස්වෙලා හරියන්නේ නැහැ. මෙවැනි විනය විරෝධී කටයුතු කරන මෙහෙම පිස්සු නටන ඇමතිවරු සම්බන්ධව රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා පැහැදිලි කරන්න''