කොරෝනා ආසාදිතයින් 2,314 ක්

අද (15) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,314 ක්

by Sagarika Chathumali 15-09-2021 | 10:43 PM

COLOMBO (NEWS1ST) :  අද (15) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,314 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර එම දෙපාර්තමේන්තුව පවසන්නේ, සැප්තැම්බර් 06 වනදා සිට 14 වනදා දක්වා දින නවයක් තුළ ප්‍ර‍මාද වී වාර්තා කරන ලදුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (15) තහවුරු කර ඇති ආසාදිතයින් සංඛ්‍යාව ද සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 496,423 ක් වන බවයි. මේ අතර තවත් කොරෝනා මරණ 132 ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව ද 11,699ක් දක්වා ඉහළ ගියේ ය.