BREAKING : රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

BREAKING : රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

කර්තෘ Sagarika Chathumali

15 Sep, 2021 | 2:02 pm

COLOMBO (NEWS1ST) :  බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

ජනාධිපතිවරයා ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]