කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

පෙර පාසල් හා 6 ශ්‍රේණිය දක්වා ළමුන් 200ට අඩු පාසල් කඩිනමින් විවෘත කිරීමට අවධානය

by Sagarika Chathumali 15-09-2021 | 6:25 PM

COLOMBO (NEWS1ST) :  සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (15) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මූලිකව පෙර පාසල් හා 6 වැනි ශ්‍රේණිය දක්වා ළමුන් 200 ට අඩු පාසල් ඉතා කඩිනමින් ආරම්භ කිරීමට අවධානය යොමු වූ බවයි. එලෙස පාසල් ආරම්භ කිරීමේ දින වකවානුතීරණය කිරීම අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදු කෙරෙන අතර ඒ අනුව ඉදිරි සති දෙක තුන තුළ දී පාලස් ආරම්භ කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධානය යොමු වී තිබේ. පාසල් ආරම්භ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යංශයට ත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීතිරීති හා මාර්ගෝපදේශ සම්පදානය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේත් සිදු කෙරනෙු ඇති. මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා ඇත්තේ, මේ වනවිට ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත් ඊට අමතරව පාසල් ප්‍රවාහන සේවයන්හි නිරතවන සියලු දෙනා කඩිනමින් එන්නත්කරණය කිරීමට පියවර ගන්නා බව ත් ය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය හා අධ්‍යාපාන අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.