කොරෝනා රෝගීන් සුළු පිරිසකට ත් කළු දිලිර රෝගය..

කොරෝනා රෝගීන් සුළු පිරිසකට ත් කළු දිලිර රෝගය..

කොරෝනා රෝගීන් සුළු පිරිසකට ත් කළු දිලිර රෝගය..

කර්තෘ Staff Writer .

15 Sep, 2021 | 6:09 pm

COLOMBO (NEWS1ST) :  කොළඹ ජාතික රෝහල, කුරුණෑගල, රත්නපුර ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවකින්ම කළු දිලීර රෝගය ආසාදනය වූවන් වාර්තා වෙමින් ඇතැයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, කොරෝනා රෝගීන් සුළු පිරිසකටද කළු දිලීර රෝගය වැළඳී ඇති බවයි.

ප්‍රශ්නය -: කොළඹ ජාතික රෝහලේ කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයින් නේවාසිකව ප්‍රතිකාර ලබනවා ද?

පිළිතුර (නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් )-: ඔව්. ඒ කාල සීමාව තුළ කළු දිලීර රෝගය තිබුණු තත්ත්වය අනුව රෝගීන් හමුවුණත් කොවිඩ් රෝගීන් අතර මේ රෝගය තිබුණේ නෑ. නමුත් මේ වනවිට රෝගීන් සුළු පිරිසකට මේ ආකාරයට ක්ළු දිලීර රෝගය හැදිලා තියෙනවා.

ප්‍රශ්නය -: කළු දිලීර රෝගය වැළැඳීමට හේතු මොනවාද?

පිළිතුර (නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් )-: මේකට ප්‍රධාන හේතුව තමයි රෝගීන් සංඛ්‍යාව වැඩි වන විට විශේෂයෙන්ම දැඩි සත්කාර ඒකකවල සහ අනෙකුත් තැන්වල රෝගීන්ගේ පැතිරීම වැඩිවන විට මොකද මේ කළු පුස් රෝගය කියන්නේ පරිසරයේ තියෙන දෙයක්. එතකොට පරිසරයෙන් මේ රෝගය පුද්ගලයෙකුට වැළදෙන්න පුළුවන්. වැළදෙන්නේ ඒ පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අවම මට්ටමක තියෙන කොට. ප්‍රධාන වශයෙන් දියවැඩියාව පාලනය නොකළ පුද්ගලයෝ, ඒවාගේම වකුගඩු වැනි රෝගවලට ප්‍රතිකාර කරන පුද්ගලයෝ මෙවැනි පුද්ගලයින්ට තමා මෙම රෝගය වැඩියෙන්ම ඇතිවෙන්න පුළුවන්. ඉතින් එවැනි අය සංඛ්‍යාව වැඩිවෙන කොට පරිසරයේ වැඩි වැඩියෙන් ඉන්න කොට පරිසරයේ තියෙන විෂබීජ මේ ආකාරයට ශරීරගත වෙන්න එන්න එන්න ඉඩ කඩ වැඩිවෙනවා. ඒ නිසා තමයි අපිට දැන්මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. ප්‍රතිශක්තිය අඩු අයට තමා වැඩි වැඩියෙන් රෝගය කොවිඩ් රෝගය ඇතිවෙන්න පුළුවන් වෙන්නෙත්. ඒවාගේම සංකූලතා ඇතිවෙන්නෙත්. එවැනි පුද්ගලයින්ට කළු පුස් රෝගය නැත්තම් කළු දිලීර රෝගය ඇතිවෙන්න තියෙන ඉඩ කඩත් කොහොමත් වැඩිවෙනවා.

ප්‍රශ්නය -: දිලීර රෝගය පැතිරෙන්නේ කොහොමද?

පිළිතුර (නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් )-: මේක රෝගියෙක්ගෙන් රෝගියෙකුට බෝවෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. ඒවාගේම පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට මේක බෝවෙන්නේ නෑ. ප්‍රතිශක්තිය හීන වු පුද්ගලයෙකුට පරිසරයෙන් තමා මේක හැදෙන්නේ. මම කියන්නේ නෑ මේක බය වෙන්න ඕනේ නැති දෙයක් කියලා. අපි ආරක්ෂා වීම වැදගත් වෙනවා. නමුත් ඒක වසංගතයක් ලෙස පැතිරීම සිදුවීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]