COLOMBO (News 1st) - නගර අලංකරණය හා පහසුකම් නැංවීම පිණිස ක්‍රියාත්මක සියක් නගර ව්‍යාපෘතියේ තවත් අදියරක් අද (14) හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබේ.
දැයක් නගන සියක් නගර ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය එක් නගරයකට රු. කෝටි 2 බැගින් රු. කෝටි 200 ක් වෙන් කර ඇත.
හම්බන්තොට ව්‍යාපෘති යටතේ රන්න නගරයේ යෝජිත රථ වාහන නැවතුම්පොළ සහ භූ දර්ශන සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන පිරිවැය රුපියල් එක් කෝටි හතලිස් නව ලක්ෂයකට අධිකය.
ප්‍රශ්නය,
ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ කොහොමද මුදල් යොදා ගන්නේ ?
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, නාමල් රාජපක්ෂ මහතා,
පැහැදිලිව රටේ සංවර්ධනය ඉදිරියට යන්න ඕන. ඒ වගේම ආර්ථික වශයෙන් ගමේ ජනතාවට ආදායම් උත්පාදනය කරන්න පුළුවන් ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරන්න ඕන. අපිට විශ්වාසයක් තියෙනවා ඉතාමත් කඩිනමින් රට විවෘත කරන්න පුළුවන්.
මේ අතර සියක් නගර වැඩසටහන යටතේ වීරවිල නගරයේ ද සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට ආසන්න මුදලක් වෙන් කර තිබේ.