වැඩිහිටි දීමනාව ලබන 17 සහ 18 තැපැල් කාර්යාලවලින්..

වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 17 සහ 18 දිනවලදී තැපැල් කාර්යාලවලින්..

by Chathuranga Rajapaksha 14-09-2021 | 10:21 AM

COLOMBO (News 1st) - මේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා සියලු තැපැල් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවය. නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තැපැල් කාර්යාල සතියට දින 04ක් පමණක් විවෘතව තැබීමට තීරණය කර තිබේ . ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති. මේ වනවිට තැපැල් සේවකයින් 500 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති අතර තැපැල් කාර්යාල 50 ක පමණ සේවා අත්හිටුවා ඇති බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නීති සමයේදී කොරෝනා මර්දන රෙගුලාසිවලට අනුගතව තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බවය.