රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පිටුව

රමීස් රාජාට පකිස්ථාන ක්‍රිකට් මුල් පුටුව

by Staff Writer . 14-09-2021 | 2:31 PM

COLOMBO (News 1st) - පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ, නව සභාපතිවරයා ලෙස රමීස් රාජා මහතා තේරී පත්ව තිබේ

එම තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වූ බව පකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. පකිස්ථාන ක්‍රිකට් කණ්ඩයමේ හිටපු නායකයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රමීස් රාජා මහතා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ 36 වන සභාපතිවරයායි. වසර 3 ක කාලයක් සඳහා ඔහු එම ධුරයෙහි කටයුතු කිරීමට නියමිත බව පකිස්ථාන ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්විය.