"රට වහන්න කිව්වහම වැහුවා. අරින්න කියනකොට අරිනවා"

"රට වහන්න කිව්වහම වැහුවා. අරින්න කියනකොට අපි අරිනවා.." - නාමල් රාජපක්ෂ

by Staff writer 14-09-2021 | 10:33 PM

COLOMBO (News 1st) - අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොවිඩ් වසංගත තත්ත්වයත් සමග රට තුළ පවතින තත්ත්වය පිළිබඳව අද(14) අදහස් පළ කළේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,
වෛද්‍යවරුමනේ කිව්වේ එන්නත්කරණය කඩිනමින් කරන්න ඕන කියලා. ඉතින් ඒ අනුව අද ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න එන්නත්කරණය රට බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම සංචරණ සීමා දාන්න කිව්වහම දැම්මා. රට වහන්න කිව්වහම වැහුවා. අරින්න කියනකොට අපි අරිනවා. මේ කාරණා තුළ අපි බලාපොරොත්තු වෙන්නේ කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට රැගෙන එන්න.