by Staff writer 14-09-2021 | 10:01 PM
COLOMBO (News 1st) - අක්කර සිය ගණනට වාරී ජලය ලබා දෙන අම්පාර, තිස්සපුර රජවැව පාමුල මිරිදිය මත්ස්‍ය තටාක ඉදිකොට වැව අවදානමකට හෙළා ඇතිබවට ගොවීන් චෝදනා කරති.
ඔවුන්ගේ දැඩි විරෝධය අද(14) පළ වූයේ, මිරිදිය මසුන් මුදා හැරීමට වනජීවී ඇමතිවරයා පැමිණි අවස්ථාවේදීය.
මෙලෙස ප්‍රතිචාර දක්වා ගොවීන් ඉල්ලන්නේ වැව් රක්ෂිතයේ මිරිදිය මත්ස්‍ය තටාක ඉදිකිරීමෙන් වැව් බැම්ම බිදී යාමටත් වගා ජලය අහිමි වීමටත් ඉඩ ඇති බවය.
සැබෑ ගොවි සංවිධාන මගහැර වැවට හානි වන ලෙස සිදුවන මෙම ව්‍යාපෘතියට වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අනුග්‍රහය දැක්වීමෙන් විශාල හානියකට පිළිගැනීමක් ලැබෙන බව ගොවීන් පවසති.
අද සවස පොතුවිල් මුහුදු මහා විරායට ගිය වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පැවසුවේ ඔවුන්ට ජීවනෝපායක් සකස් කර දීමට තමත් උත්සාහ කළ බවය.