කොරෝනා ආසාදිතයින් 2,475 ක් හඳුනා ගනී

කොරෝනා ආසාදිතයින් 2,475 ක් හඳුනා ගනී

by Sagarika Chathumali 14-09-2021 | 10:45 PM

COLOMBO (NEWS1ST) :  අද දිනයේ (14) මෙරටින් නව කෙරෝනා ආසාදිතයින් 2,475 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් ආසාදිතයින් දෙදෙනකු හඳුනාගෙන ඇත්තේ විදෙස්ගතව සිට පැමිණි පිරිස් අතරිනි. මේ අතර තවත් කොරෝනා මරණ 136 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 11,567 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 76 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 60 දෙනා කාන්තාවන් ය.