එංගලන්තයේ දරුවන් එන්නත්කරණයට සැලසුම්

එංගලන්තයේ දරුවන්ටත් කොවිඩ් එන්නත ලබාදීමට සැලසුම්

by Staff Writer . 14-09-2021 | 9:55 AM

COLOMBO (NEWS1ST) :  එංගලන්තයේ වයස අවුරුදු 12 - 15 ත් අතර දරුවන්ට ෆයිසර්-බයොන්ටෙක් එන්නත ලබා දිමට පියවර ගන්නා බව එරට එන්නත්කරණය පිළිබඳ අමාත්‍යවරයා පවසයි.

ඔහු පැවසුවේ, සිය දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දිම පිළිබඳ තීරණ ගැනිමේ වගකිම සම්පූර්ණයෙන්ම දෙමව්පියන්ට හිමි වන බවයි. ඒ සඳහා දෙමාපියන්ගේ අවසරය ලබා ගැනීම ලබන සතියේ ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ. එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන් සිව් දෙනා වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට එක් එන්නත් මාත්‍රාවක් පමණක් නිර්දේශ කිරිමට ඊයේ පියවර ගත්තේ ය. අමාත්‍යවර සඳහන් කළේ, බිඳ වැටී තිබෙන අධ්‍යාපනය යළි සක්‍රිය කිරීම, තරුණ තරුණියන් අතර කොරෝනා පැතිරීම අවම කිරීම යන මුලික අරමුණු වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.