ශ්‍රී ලංකාව ගෞරවය රැක ගැනීමේ සටනක: දකුණු අප්‍රිකාව 3-0ක පූර්ණ තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් අද තරග බිමට..

කර්තෘ Staff Writer .

14 Sep, 2021 | 10:53 am

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද(14) පැවැත්වීමට නියමිතය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය රාත්‍රි 7.00 ට ආරම්භ වේ.

දෙරට අතර, තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගෙන දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වනවිට පෙරමුණේ පසුවෙයි.

පූර්ණ පන්දුවාර 20යි 20 තරගාවලියක ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම අද පිටියට පිවිසෙන අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මානසිකකත්වය නංවාගෙන ගෞරවාන්විත තරගාවලියක අවසානයක් වෙනුවෙන් අද තරගයට පිවිසෙනු ඇති.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]