වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 17 සහ 18 දිනවලදී තැපැල් කාර්යාලවලින්..

වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 17 සහ 18 දිනවලදී තැපැල් කාර්යාලවලින්..

වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 17 සහ 18 දිනවලදී තැපැල් කාර්යාලවලින්..

කර්තෘ Chathuranga Rajapaksha

14 Sep, 2021 | 10:21 am

COLOMBO (News 1st) – මේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල සිදු කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා සියලු තැපැල් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවය.

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තැපැල් කාර්යාල සතියට දින 04ක් පමණක් විවෘතව තැබීමට තීරණය කර තිබේ .

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති.

මේ වනවිට තැපැල් සේවකයින් 500 කට පමණ කොරෝනා ආසාදනය වී ඇති අතර තැපැල් කාර්යාල 50 ක පමණ සේවා අත්හිටුවා ඇති බව ද තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ නිරෝධායන ඇඳිරි නීති සමයේදී කොරෝනා මර්දන රෙගුලාසිවලට අනුගතව තැපැල් සේවා කටයුතු පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]