COLOMBO (News 1st) - පාසල් ළමුන් සඳහා එන්නත්දීමට තවම විශේෂඥයින් සියයට සියයක් නිර්දේශ ලබාදීලා නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
පාසල් ළමුන් සඳහා එන්නත් දීමට තවම විශේෂඥයින් සියයට සියයක් අපිට නිර්දේශ ලබා දීලා නැහැ. ඒ සම්බන්ධයෙන් විවිධ මත දෙපැත්තට තියෙනවා. ඒ අනුව වඩාත් අවදානම් අයගෙන් පටන් ගෙන ඉදිරියට යාම තමා අපේ ප්‍රතිපත්තිය වෙන්නේ. එකඟතාවයකට ඇවිල්ලා තමා වැඩේ කරන්න ඕනේ. මොකද දරුවෙකුට එන්නත ලබාදෙන කොට මම නැවතත් අවධාරණය කරනවා අපිට ඔවුන්ගේ අභිමතයට වඩා ඉහළින් ගිහිල්ලා දෙමව්පියන්ගේ අභිමතයට තමා මේ එන්නත ලැබෙන්නේ. ඒවාගේම තමා එන්නත ලබා ගත්තාට පස්සේ ඔහුට ලොකු දීර්ඝ කාලයක් ජීවත් වීමට තිබෙනවා. මේ කාල සීමාව ගැන සලකා බලලා මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්ඩ ඕනේ. ඒ අනුව විද්වත් මතයෙන් එහා ගිහිල්ලා මේ කටයුතු කිරීමට මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් වෙන්නේ නෑ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයට පත්කළ කමිටුවේ වාර්තාව එළඹෙන බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.
පසුව එම වාර්තාව එළඹෙන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.