වනඅලි කළමනාකරණ රක්ෂිතයේ ගල්කොරිය කාගේද?

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයේ ගල් කොරිය කාගේද?

by Staff writer 13-09-2021 | 10:17 PM

COLOMBO (News 1st) - හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රදේශය ගැසට් කෙරුණ ද මේ වන විටත් එහි සිදුවන මිනිස් ක්‍රියාකාරකම් තවමත් නතර වී නොමැත.

පසුගියදා ගැසට් කළ හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රදේශයේ ගල් කොරියක කැණීම් සිදුවිය. වල්සපුගල ගොවීන් සිදු කළ දින 105 විරෝධතාවකික් පසුව පසුගිය දා මෙම ප්‍රදේශය ගැසට් කළේ ය. වලව, වම්ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය සහ ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ, මෙම ගැසට් කළ ප්‍රදේශයේ විශාල වශයෙන් ගල් කොරි සහ අනවසර වගා භූමි තවමත් සිදු කර ගෙන යන බවය.