කොරෝනා ආසාදිතයින් ඇත්තටම අඩු වෙලා ද?

රෝගීන් එන්න එන්න අඩු වෙන්නේ රෝග පරීක්ෂණ අඩු කරපු නිසා කියන කාරණය හරිම පැහැදිලියි - සමන් රත්නප්‍රිය

by Staff writer 13-09-2021 | 10:08 PM

COLOMBO (News 1st) - ඉකුත් දින 05ක කාලය තුළ සෑම දිනකම කොරෝනා ආසාදිතයින් වාර්තා වූයේ, 3000ට අඩුවෙනි.

ඊයේ(12) දිනයේ මෙරටින් හඳුනා ගැනුණුච කොරෝනා ආසාදිතයින් ගණන 2,642කි. සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා,
ඊයේ දවසේ අපිට වාර්තා වුණා මරණ සංඛ්‍යාව 144 ක්. ඒවාගේම රෝගීන් අපිට වාර්තා වුණා 2642 ක්. ඇත්තටම මේ රෝගීන් එන්න එන්න අඩුවෙන්නේ රෝග පරීක්ෂණ අඩු කරපු නිසා කියන කාරණය හරිම පැහැදිලි කාරණයක්. පී.සී.ආර් පරීක්ෂණ 12285 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3218 ක් තමයි ඊයේ දවසේ ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන අනුව කරලා තියෙන්නේ. මේකේ එකතුව 15503 යි. අපි බැලුවොත් අගෝස්තු මාසේ 22 වැනි දා පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 28000 ක් කරලා තියෙනවා. 28000 15,000 අඩු කළාම රෝගීන් අඩුවෙන් වාර්තා වෙන එක ගැන අහන්න දෙයක් නෑ. දැන් මෙහෙම වංචාවක් කරලා මෙහෙම බොරුවක් කරලා පරීක්ෂණ අඩු කරලා රෝගීන් සොයා නොගෙන කවුද අන්දන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේ පරීක්ෂණ වැඩි කරලා ඉන්න රෝගීන් හොයාගෙන ඒ අය නිරෝධායනය සහ ප්‍රතිකාර කරන ක්‍රමයකට යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.