දරුවන් සඳහා එන්නත් දීම සිදුවෙන්නේ කෙසේ ද?

දරුවන් සඳහා එන්නත් දීම සිදුවෙන්නේ කෙසේ ද?

by Staff Writer . 13-09-2021 | 8:56 PM

COLOMBO (NEWS1ST) :  දෙමාපියන් දැනට දරුවන් එන්නත්කරණය සම්බන්ධයෙන් අනවශ්‍යය කළබලයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවත් නැතැයි, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

දරුවන් එන්නත්කරණ සැලසුම පිළිබඳව අදහස් පළ කරමින් එහි විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පැවසුවේ, එන්නත් මගින් දරුවන්ට හානියක් නොවීමට 100% වගබලාගත යුතුව ඇති බවයි.
''දීර්ඝ කාලීන ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන්ම සායනයකින් හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට මෙහිදී ප්‍රමුඛතාව ලබාදෙනවා. පළවෙනි අදියරේදී. එහිදී අපි ප්‍රධාන කරුණු 2 ක් සලකා බලනවා. පළවෙනි කාරණය ඔවුන් කොවිඩ් 19 රෝගය වැළඳුණොත් ඔවුන්ට ලැබෙන්න පුළුවන් සිදුවන්න පුළුවන් අතුරු ආබාධ සංකූලතා සහ විශේෂයෙන්ම ජීවිත හානි. එය වැඩි විශේෂ ඛාණ්ඩයක් තියෙනවා නම්, එවැනි කාණ්ඩයන්ට මේ එන්නත ලබා දීමේ විශේෂ ප්‍රයෝජනයක් තියෙනවා. ඊට අමතරව මේ එන්නත වෙනත් රෝගාබාධ නොමැති සහ නිරෝගී දරුවන්ට ලබා දීමේදී ඔවුන්ට යම්කිසි අතුරු ආබාධයක් සිදුවන්න පුළුවන්ද කියලා. මෙන්න මේ කාරණා 2 ම සලකා බලලා තමයි ලෝකයේත් ශ්‍රී ලංකාවේත් පියවරෙන් පියවර මේ දරුවන් සඳහා 12-18 කාණ්ඩයේ දරුවන් සඳහා මේ එන්නත් ලබා දීම සිදුවෙන්නේ''
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට එන්නත් ලබාදෙනවා ද?ලබා දෙන්නේ නම්, කවදාද යන කාරණය විශේෂඥ කමිටුව තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවයි. එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවුසවේ, එක්සත් ජනපදය වයස අවුරුදු 15 ට අඩු ළමයින්ට එන්නත්කරණය ආරම්භ කර ඇතත් එක්සත් රාජධානිය මේ වන තෙක් එකී කාණ්ඩයේ ළමුන්ට තවමත් එන්නත්කරණය ආරම්භ කර නොමැති බවයි. ඒ අනුව මෙරටට එය යොදා ගන්නේ කිනම් ආකරයකින් ද යන්න පිළිබඳව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු සහ මහාචාර්යවරු මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් පැවසී ය.