COLOMBO (NEWS1ST) : ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළඳපලෙන් වාණීජ ණය මුදලක් ලබා ගැනීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
මේ ඊට පිළිතුරු දුන් එහි සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා
''අපි පහුගිය කාලය පුරාවටම අපි රට තුළ අපේ තියෙන බැංකු දෙක විශේෂයෙන්ම ලංකා බැංකුව සහ මහජන බැංකු දෙකෙන් තමයි අපි ණය ලබා ගත්තෙ. අපි මේ දවස වෙනකොට මේ බැංකු දෙකට ඩොලර් බිලියන 2.5 කට 3 කට ආසන්න ප්‍රමාණයක් ණයයි.ඒ සඳහා අපි ගෙවන පොලියත් වැඩියි. සාපේක්ෂව පොලිය වැඩියි.ඒක නිසා අපි කල්පනා කළා. මේ සම්බන්ධයෙන් විවිධ යෝජනා තිබුණා. ඒවා සලකා බලලා අපි රටේ අවශ්‍යතාවයට විශේෂයෙන්ම ඛණිජතෙල් කර්මාන්තයට අවශ්‍ය මුදල් ප්‍රමාණයක් අඩු පොලියකට ලබා ගන්න පුළුවන්ද කියලා. ඒ අනුව ඊට යහපත් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. අපි හිතනවා එ් ආපු ආයතනයකින් අපිට යම් කිසි ඩොලර් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා''
අදාල ණය මුදල ලබා දීම සදහා ඇමරිකානු සහ යුරෝපීය රටවල විශ්‍රාම අරමුදල් හා රක්ෂණ සමාගම් නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයක් අධ්‍යනය කිරීමෙන් පසු ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබේ.
ඊට අනුව වසර දෙකක සහන කාලයක් සහිතව ලබා ගැනීමට අපේක්ෂිත මෙම ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර 12 කි.
මේ අතර අද උද්ගතව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ද මාධ්‍යවේදීහු විමසා සිටියහ.
ප්‍රශ්නය : - මේ වෙන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩොලර් බිලියන 2.5 ක් විදේශීය වෙළඳපලෙන් ලබා ගන්න සාකච්ඡා කරගෙන යනවා. විශේෂඥයෝ කියනවා මේක තමයි අපි ගන්න යන වැඩිම වානිජ ණය ප්‍රමාණය කියලා. මොකක්ද මේකේ මේ සත්‍යතාවය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, ඒ පිළිබඳ සොයා බලා පිළිතුරක් ලබා දෙන බවයි.
ඒ ඔක්කොම ගැන මම අධ්‍යනය කරනවා ගියාට පස්සේ.මම හරියට බ්‍රීෆ් එකක් ගත්තාට පස්සේ මම ඒ ගැන සළකලා බබලා ඒ ගැන තීරණයක් ගන්න පුළුවන්.ඒවා ගැන මම බලලා උත්තර දෙන්නම් ඒ අවස්ථාවේ
කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ මෙවන් අදහසක්.
''මේ වෙනකම් මේ ණය මුදල සම්බන්ධයෙන්වත් , වෙනත් රට වලින් ඛණිජ තෙල් කොන්ත්‍රාත්තුව ලබා ගැනිම සම්බන්ධයෙන් වත් ,ඒ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් අපිව මේ වෙනකම් දැනුවත් කරලා ණෑ. එහෙම තත්ත්වයක් තිබියදී රජය මේකෙන් මග ඇරලා මුදල් අමාත්‍ය වරයා හා භාණ්ඩාගාරය මේකෙන් මග ඇරලා ඛණිජ තෙල් නීති ගත සංස්ථාව මේ ණය මුදලක් ලබා ගැනීම සඳහා යොමු කිරීම මම හිතනව වෘත්තීය සමිති හැටියට යෝග්‍ය කාරණාවක් නෙවෙයි. අපිට සැකයක් තියෙනවා මේ ඛණිජ තෙල් සංස්ථා පනත කඩිමිඩියේ සංශෝධනය කරන්නෙත් මේ කොන්දේසි සැපයීමේ එක් අවස්ථාවක්දෝ කියලා''
- ඛණිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති සමික අසිතංජ -
''මේකට ආණ්ඩුව සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ. ඒ නිසා ඉතාමත්ම පහැදිලිව අපි කියනවා ,ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ සා විශාල ඩොලර් ප්‍රමාණයකට ණය උගුලකට නැවතත් අහුවුනොත් මේ ණය ගෙවා ගන්න බැරුව ඉතාමත්ම කෙටි කාලයක් ඇතුලත මේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අහෝසි වෙනවයි කියන අනතුර අපි පෙන්නනවා. රජයෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ඛේදවාචකයට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වට්ටන්න එපා''
- ඛණිජ තෙල් පොදු සේවක සංගමය සභාපති අශෝක රන්වල -