කොළඹ වරායේ අක්කර 13ට දුන් වටිනාකම ප්‍රමාණවත්ද?

කොළඹ වරායේ අක්කර 13 ඉඩමේ මඤ්ඤොක්කා හිටෙව්වත් මීට වඩා ලාභයක් ගන්න පුළුවන් - ස්වාධීන වරාය සේවක සංගමය

by Staff writer 13-09-2021 | 9:54 PM

COLOMBO (News 1st) - රජයට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් ද?

එසේ නම් කොළඹ වරායේ අක්කර 13 ට තැබූ වටිනාකම ප්‍රමාණවත් ද? වරාය වෘත්තීය සමිති එකතුව අද (13) ප්‍රශ්න කළේ ය. වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති, ප්‍රසන්න කළුතරගේ මහතා,
අපිට ප්‍රධාන ආදයම් මාර්ග දෙකයි තියෙන්නේ. එකක් තමයි අපේ බාහාලුම් මෙහෙයුම් ක්‍රියාවලියෙන් එන ආදායම අනිත් ආදායම තමයි මේ සේවා සැපයුම්වලින් ආනයනය අපනයන ක්‍රියාවලියෙන් ලැබෙන අදායම එතකොට මේක චීනයේ සි.අයි.සී.ටී. සමාගමට පවරන්න කටයුතු කළොත් අපේ සේවා සැපයුම් කොට්ඨාසය පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු වෙනවා. දැන් ආණ්ඩුවට තියෙන එකම ප්‍රශ්නේ ඩොලර් අර්බුදය නම් මේවා නිවැරදිව ක්‍රියාත්මක කිරීම තුළින් අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගන්න පුළුවන් අපිට ඩොලර්වලින් ආදායම එන දේවල් මේ විදියට තුට්ටු දෙකට දෙන්න ගියොත් එහෙම මේ රටේ අනාගතය මොන තත්ත්වයෙන් තියෙයි ද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තිබෙනවා.
ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුවගේ,
අක්කර 13 ක් දෙන්නේ ශත පහක මුලික ගාස්තුවක් නැතුව ඇත්තටම අපිට පුළුවන් අයකරගන්න රුපියල් මිලියන 10833 ක්. මාසික කුලිය වෙන්නේ ලක්ෂ අටහාමාරයි. අපිට මාසික කුලිය රුපියල් මිලියන 65 ක් හමුවෙන්න ඕන. මේවා යටි මඩි ගහලා මේ සල්ලි අරං ගිහිල්ලා කවදා හරි කාගේ හරි ආච්චි කෙනෙක්ගේ මැණික් මල්ලෙන් මේවා මතු වෙනවා. නීතියෙන් ගැලවෙන්න පුළුවන් හැබැයි මේ රටේ දුක් විඳින ජනතාව මේ රටේ බඩගින්නේ ඉන්න ජනතාවගේ සෝසුසුම් පරම්පරා හතකට පළ දෙනවා. ඒක නිසා මම කරුණාවෙන් ඉල්ලනවා මේ කරුමෙට කර ගහන්න එපා. මඤ්ඤොක්කා හිටෙව්වත් මේ ඉඩමේ මීට වඩා ලාබයක් ගන්න පුළුවන්.