කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කබ්රාල් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

by Staff Writer . 13-09-2021 | 12:20 PM

COLOMBO (NEWS1ST) :  අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ඔහු සිය ඉල්ලා අස්විමේ ලිපිය පාර්ලිමේන්තු සංකීරණයේදී තමන් වෙත භාරදුන් බවයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රි ධුරය සඳහා සුදුස්සෙකු පත් කරන්නැයි, මැතිවරණ කොමිසම වෙත දන්වා යවන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා මීට පෙර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. සාගර කාරියවසම් මහතා ඒ බව සඳහන් කළේ, බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.