by Staff Writer . 13-09-2021 | 10:12 PM
COLOMBO (NEWS1ST) : කදාන, සෙබස්තියන් මාවතදී අද අලුයම පුද්ගලයකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවසුවේ 119 දුරකථන අංකයට කැපුම් තුවාල සහිතව පුද්ගලයකු මාර්ගයක වැටී සිටින බවට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා සොයාගත් බවයි.
ඝාතනයට ලක්ව ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ත්‍රිරෝද රථ රියදුරෙකු බව පොලීසිය පැවසී ය.
පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථය ද ඔහු වැටී සිටි ස්ථානය ආසන්නයේ තිබූ බවයි.
පුද්ගලයින් කිහිපදෙනෙකු සමග ඔහු ආරවුලක් සිදුකරගෙන ඇති බවට සී සී ටී වී කැමරා දත්තවල සටහන් වී ඇතැයි පොලිසිය පැවසී ය.
සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නොමැත.