ඇෆ්ගන් සරසවි ස්ත්‍රී-පුරුෂ ලෙස වෙන් කෙරේ

ඇෆ්ගනිස්ථානයේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එකට ඉගෙන ගැනීම තහනම් කෙරේ..

by Staff Writer . 13-09-2021 | 10:38 AM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථානයේ ශිෂ්‍යාවන්ට තලේබාන් සංවිධානය නව නීති පනවා තිබේ.

ඒ අනුව, එරට සියලු විශ්වවිද්‍යාල ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් කෙරෙනු ඇති. තලේබාන් සංවිධානය සඳහන් කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ට නව නිල ඇඳුමක් ද හදුන්වා දීමට නියමිත බවය. ඇෆ්ගනිස්ථාන ශිෂ්‍යාවන්ට තව දුරටත් උසස් අධ්‍යාපනය ලැබීමට අවසර හිමිවන නමුත් ශිෂ්‍යයින් සමග එකට සිටිය නොහැකි බව එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේවෙතත් තලේබාන් සංවිධානය 1996 වසරේ සිට 2001 දක්වා පාසල් හා විශ්ව විද්‍යාල සිසුවියන් සම්බන්ධයෙන් අනුගමනය කළේ වෙනස් ප්‍රතිපත්තියකි. ඒ ඔවුන්ට පාසල් හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමද තහනම් කරමිනි. ඉකුත් අගෝස්තු 15 වැනිදා තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ නව උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දුන්නේ ඊයේ (12) දිනයේදීය.