by Staff writer 13-09-2021 | 9:39 PM
COLOMBO (News 1st) - ජී 20 අන්තර් ආගමික සංසදයට එක්වීම සඳහා ඉතාලියට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එහි වෙසෙන ශ්‍රී ලාංකික සහ එරට ජනතාව මහත් හරසර දක්වා තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා නවාතැන් ගත් බොලොඤ්ඤා නගරයේ හෝටලයෙන් ඊයේ(12) පස්වරුවේ පිටතට යන අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් හෝටල් පරිශ්‍රය අසළට රැස් වූ බවය.
අන්තර් ආගමික සංසදය ඇමතීමට යන තමන්ට සුබ පැතුම් එක්කළ ජනතාවට අග්‍රාමාත්‍යවරයා ද එහිදී ආචාරය දක්වා තිබේ. .
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(12) පස්වරුවේ ජී 20 අන්තර් ආගමික සංසදයේ සමාරම්භක සැසිය ඇමතු අතර එහි සැසිවාර හෙට(14) දක්වා පැවැත්වේ.