හම්බන්තොටට ගිනිකොණ මුහුදේ සුළු භූ චලනයක්

හම්බන්තොටට ගිනිකොණ මුහුදේ සුළු භූ චලනයක්... සුනාමි අවදානමක් නැහැ

by Sagarika Chathumali 12-09-2021 | 2:50 PM

COLOMBO (NEWS1ST) : හම්බන්තොටට , කිලෝමිටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ අද (12) පස්වරු 1.33 ට භූ චලනයක් සිදුව ඇතැයි, භූ විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, භූ චලනයේ ප්‍රබලත්වය මැග්නිටියුට් 4.1 ක් බවයි. භූ චලනයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය අවධාරණය කළේ ය. ඔහු පැවසුවේ, පසුගිය මාසයක පමණ කාලය තුළ මෙරට අභ්‍යන්තරයේ භු චලන 2 ක් සහ මෙරට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව භු කම්පන 3 ක් වාර්තා වි ඇති බවයි.