.webp)
මේ ආණ්ඩුව හරියට බුලත් විට කාළා බස් එකක් එළවන රියැදුරෙක් වගේ. අර බස් රථයේ රියැදුරා බුලත් කෙළ ගැහුවට පස්සේ තමයි දන්නේ අඩා හුටා මම කෙළ ගැහුවනේ කියලා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්. ගොවියත් එක්ක හරියට ගැලපෙන වැඩපිළිවෙළක් සකස් කරන්නේ නෑ. වෙනත් ක්ෂේත්‍රයේ වේවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වේවා හැමෝම එක්කම මොකක් හරි වැඩපිළිවෙළක් හදලා අගතියක් වෙනකොට වැඩේ වෙලා ඉවරයි. දැන් නිකම් හිතන්නකෝ ලෑල්ලකට ඇනේ ගහලා ඇන ගැලෙව්වට ඒ ඇණේ ගැලෙව්වට ලෑල්ලේ හිල හිටිනවනේ. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්. කිසි දෙයක් අහන්නේ නැතුව උපදේශකයන් නොවෙච්ච උපදේශකයන්ගේ උපදෙස් පිළිඅරගෙන මේක තමයි හරි යන්නේ කියලා කරනවා. හැබැයි ආපහු හැරිලා බලපුවහම කරපු දෙයකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.